සිවිල් ලියාපදිංචිය
කල්ගිය උපත් ලියාපදිංචි කිරීම
- අරමුණු
- ලියාපදිංචි වී නොමැති උපතක් නීත්‍යානුකූල කිරීම.
- අවශ්‍ය සුදුසුකම්/අදාළත්වය
- උපත සිදු වූ ස්ථානය තම කොට්ඨාශය තුල පිහිටා තිබීම.
- උපත ලියාපදිංචි වී නොමැති බව තහවුරු වීම.
- අවශ්‍ය ලිපි ලේඛන
- 24 වන වගන්තිය යටතේ වූ ප්‍රකාශපත්‍රය (ලි.ප.ආ.6)
- උපත ලියාපදිංචි වී නොමැති බවට ලේඛන සෙවීමේ ප්‍රතිඵලය
- පුද්ගලයාගේ උපන් දිනය හා උපන් ස්ථානය ඇතුළත් පහත ලියවිලි වලින් 1ක්
- රෝහල් උපත් වාර්තාව හෝ එහි සහතික පිටපතක්
- ග්‍රාම නිලධාරී වාර්තාව හෝ එහි සහතික පිටපතක්
- වතු උපත් වාර්තාව හෝ එහි සහතික පිටපතක්
- පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ උපත් ලේඛනයේ පිටපතක්
- ඉහත ලිපිලේඛන නොමැති නම් පහත ලියවිලි වලින් 1ක්
- සෞඛ්‍ය වර්ධන සටහන
- බෞතිස්ම සහතිකය
- මුල්වරට පාසලට ඇතුලත් කිරීමේ ලේඛනයේ සහතික පිටපතක්
- වේලාපත්කඩය
- ශිෂ්‍ය කාර්ය දර්ශනය
- පිළිගත් හැඳුනුම්පතක්
- දෙමව්පියන් විවාහක නම් විවාහ සහතිකය ( අවිවාහක නම් පියා පීතෘත්වය භාරගන්නේ නම් පියාගේ දිවුරුම් ප්‍රකාශය හා ලි.ප.ආ. 6 ප්රකාශපත්රයේ 10 වන තීරුවේ මව හා පියාගේ අත්සන් යොදා තිබීම)
- දිවුරුම් ප්‍රකාශ හා කරුණු සනාථ කර ගත හැකි වාර්තා
- ප්‍රකාශය ඉදිරිපත් කරන අය විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශය
- දෙමව්පියන්ගේ උප්පැන්න සහතික
- ග්‍රාම නිලධාරීගේ ප්‍රකාශය
- උපත ලැබූ ස්ථානය වත්තක නම් වතු අධිකාරීගේ ප්‍රකාශය
- රෝහල් උපත් ලේඛන ආශ්‍රිතව කරනු ලබන ප්‍රකාශය
කල්ගත වූ මරණ ලියාපදිංචි කිරීම
- අරමුණු
- මරණය ලියාපදිංචි වී නොමැති බවට තහවුරු වූ පුද්ගලයෙකුගේ මරණය ලියාපදිංචි කිරීම.
- අවශ්‍ය සුදුසුකම්/අදාළත්වය
- මරණය සිදු වූ ස්ථානය තම කොට්ඨාශය තුල පිහිටා තිබීම.
- මරණය ලියාපදිංචි වී නොමැති බව තහවුරු වීම.
- අවශ්‍ය ලිපි ලේඛන
- 36 වන වගන්තිය යටතේ වූ ප්‍රකාශපත්‍රය.
- මරණය ලියාපදිංචි වී නොමැති බවට ලේඛන සෙවීමේ ප්‍රතිඵලය
- පුද්ගලයාගේ මියගිය දිනය හා ස්ථානය ඇතුළත් පහත ලියවිලි වලින් 1ක්
- රෝහල් වාර්තාව හෝ එහි සහතික පිටපතක්
- ග්‍රාම නිලධාරී වාර්තාව හෝ එහි සහතික පිටපතක්
- වතු මරණ වාර්තාව හෝ එහි සහතික පිටපතක්
- මරණ දැන්වීම හෝ ශෝක ප්‍රකාශ.
- ආගමික කටයුතු වලට සහභාගී වූ බවට අදාළ පූජ්‍ය පක්ෂය විසින් සහතික කළ ලිපිය.
- අවමංගලය සේවා සැපයූ ආයතනයන්හි බිල්පත්.
- අදාළ අයගේ මරණය සඳහා පාරිතෝෂික පිරිනැමූ බවට සුභ සාධන සමිති වලින් නිකුත් කල ලිපි.
- මියගිය අයගේ වයස සනාථ කරගත හැකි ලියවිලි.
- මියගිය අය යම් රැකියාවක නිරත වූ අයෙක් නම් එය සනාථ කරගත හැකි ලියවිලි.
- මරණයට හේකුව සනාථ කරන වෛද්‍ය වාර්තා.
- දිවුරුම් ප්‍රකාශය.
- ග්‍රාම නිලධාරී සහතිකය.















