2016 අංක 12 දරණ තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

ඉහත පනත යටතේ මෙම ආයතනයට අදාළ තොරතුරු ලබාගැනිම සඳහා පහත සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරණ අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.

තොරතුරු නිලධාරියා,

  • නම - කේ.ඩෙන්සියා මිය.
  • තනතුර - සහකාර ප්‍රාදේශීය ලේකම්.
  • ලිපිනය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -  වැලිඔය, සම්පත්නුවර
  • සම්බන්ධ කරගත හැකි දුරකතන අංක - 077 233 0815
  • විද්‍යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  1. තොරතුරු ලබාගැනිමට අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.
  2. ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුව ද දින 14ක් තුළ දන්වනු ලැබේ.
  3. ඉල්ලා සිටින තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළ යුතුනම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියකුගේ ජීවිතය හා පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48ක් තුළ සිදු කරනු ඇත.
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාළව
    1. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම,
    2. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම,
    3. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාලසීමාවන්ට අනුකූල නොවීම,
    4. සම්පූර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරීම,
    5. වැඩිපුර ගාස්තු අයකිරීම,
    6. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම,
    7. එම කොතරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැලැක්වීම සඳහා එම තොරතුරු විකෘතිකර, විනාශකර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම

මත අතෘප්තියට පත්වන්නේ නම් දින 14ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.

  1. 6 වන වගන්තිය පරිදි අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී RTI 10 දරන අයදුම්පත පුරවා ඉදිරිපත් කරන්න. අයදුම්පත පිරවීම අනිවාර්ය නොවේ. තොරතුරු ඉල්ලා සිටින්නාට අයදුම්පත්‍රයේ සඳහන් අභියාචනය විභාග කිරීමට අවශ්‍ය මූලික තොරතුරු සඳහන් කරමින් ලිපියක් මගින් අභියාචනය ඉදිරිපත් කළ හැකි ය.

පනත භාගත කරගන්න.

News & Events

26
අප්‍රේ2017
සර්ව ආගමික පිළිරූ ඇතුළත් ආගමික කුටිය විවෘත කිරීම

සර්ව ආගමික පිළිරූ ඇතුළත් ආගමික කුටිය විවෘත කිරීම

  සර්ව ආගමික පිළිරූ ඇතුළත් ආගමික කුටිය...

Scroll To Top